Gossips

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රවාහන අමාත්‍යාංශයට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හමුවුණා.
ඒ මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට විකිණීම සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.
එමෙන්ම විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ අයිතිවාසිකම් තහවුරු කර දෙන ලෙසට ඉල්ලීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම අද කතානායක කරූ ජයසූරිය හමුවනවා.
දැනට විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 කට ආසන්න පිරිසක් සිටින බැවින් විපක්ෂ නායක ධුරය, ඒකාබද්ධ විපක්ෂයට ලබාදිය යුතු බවයි ඔවුන් පවසන්නේ.