Gossips

ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂකයා තීරණය කරන්නේ තමන් බව හිටපු ජනපති කියයි

මීළඟ ජනාධිපතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තීරණය කරනු ලබන්නේ තමා විසින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඉන් අනතුරුව පක්ෂය එම අපේක්ෂකයා අනුමත කරනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ අද (06) පැවැති ආගමික උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව කියා සිටියා.
ගාල්ලේ දී හෙට (07) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට පසුගිය වසරේ ගාලුමුවදොරදී පැවති රැළියට මෙන් විශාල සෙනගක් සහභාගි වනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.