ආණ්ඩුව හම්බන්තොට – මිරිජ්ජවිල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ලබාදී ඇත්තේ හිමිකරුවෙකු නොමැති සමාගමකට බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට අද එක්වෙමින්.
එහිදි මන්තීී්රවරයා ප්‍රකාශ කලේ මිරිජ්ජවිල තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජන සමාගමක් වන සිල්වර් පාක් ආයතනයේ වැඩි කොටසක් හිමිව තිබු ඉන්දීය ඩී.එම්.කේ.පක්ෂයේ එස්. ජගත්රාක්ෂකන් මීට වසරකට පෙර ඉල්ලා අස්වී ඇති බවට ඔහු එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බවයි.
සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය සහ ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් අද විවාදයට ගැනුනා.