Gossips

ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනාවක්

1949 මූල්‍ය නීති පනත සංශෝධනය කිරීමේ උත්සාහයක රජය නිරත වන බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස් පළකළා.
සිංගප්පූරු වෙළඳ ගිවිසුම යටතේ භාණ්ඩ වර්ග 3,000 කට වැඩි සංඛ්‍යාවක් තීරු බදු වලින් නිදහස් කර නීතිවිරෝධී ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව ද මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
එම බදු වෙනස්කම් පිළිබඳව පාර්ලිමේන්තුව දැනුම්වත් කර නොමැති බවද ඔහු කියා සිටියා.