ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්වීමේ යෝජනාව අද (10) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.
ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම සහ තවත් සුළු පක්ෂ එක් කර ගනිමින් ඉදිරියේදී සියළු මැතිවරණවලට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.
