Gossips

ඒකාබද්ධ පෙරහරේ යන්න රතන හිමියන් සුදානම්

ග්ලයිෆොසේට් වල්නාශකය සඳහා පැවති තහනම ඉවත් කිරීමට කටයුතු කළහොත් ඊට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සමග වුවද පෙළ ගැසීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්නයකදී රජයෙන් ලබාදුන් පිළිතුරට ප්‍රතිචාර දක්වමින්. ඊට කථානායක කරූ ජයසූරියද මැදිහත් වුණා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ ඉදිරි සති දෙක තුළ ඒ පිළිබඳව තීරණය කරන බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ තමන්ද ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට විරුද්ධ බවයි.