Gossips

ඒකාබද්ධය 15 වනදා මහරගමදී විරෝධතාවක

රෙදි පිළි ඇඟළුම් කර්මාන්තකරුවන්ට අසීමිත බදු පැනවීමට එරෙහිව එළඹෙන 15 වනදා මහරගමදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ආණ්ඩුව මහජනතාව පාරට ඇද දමමින් සිටින බවයි.
එමෙන්ම ලක්ෂ 10 ක් පමණ රෙදිපිළි කර්මාන්තයෙන් ජීවත්වන බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා ඒවා ගෙන්වීමේදී බදු වර්ග රාශියක් පැනවීම තුළින් කර්මාන්තකරුවන් අධෛර්යට පත්වෙමින් සිටින බවද සඳහන් කළා.