Gossips

ඒකාබද්ධය මැතිවරණය කල් දැමීමේ යටි අරමුණක – ඇමති මනෝ ගනේෂන්

ඒකාබද්ධ විපක්ෂය පළාත් සභා මැතිවරණය කල් දැමීමේ යටි අරමුණක සිටින්නේ බවට අමාත්‍ය මනෝ ගනේෂන් කල ප්‍රකාශය ඔවුන් ප්‍රතික්ෂේප කරනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පක්ෂ නායක රැස්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ පෙර පැවති පක්ෂ නායක රැස්විමේදී ඒකාබද්ධ විපක්ෂය පැරණි ක්‍රමයට මැතිවරණය පැවත්විමට එකඟත්වය පළ කල බවයි.
කෙසේ වෙතත් පලාත් සභා මැතිවරණය කල් යැමට හේතුව මැතිවරණය පවත්වන ක්‍රමවේදය සම්බන්ධයෙන් පක්ෂ අතර එකගතාවක් නොමැතිකම බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.