Gossips

ඒකාබද්ධයේ විශේෂ සාකච්ඡාවක් අනිද්දා

වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් ලබන සඳුදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
පෙරවරු 10 ට විපක්ෂ නායක කාර්යාලයේදී මෙම විශේෂ රැස්වීම පැවැත්වෙන බවයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
එමෙන්ම සිංහල දෙමළ අලූත් අවුරුද්දෙන් පසු විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමද එදිනට සිදුකිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.