Gossips

ඒකාබද්ධයේ මන්ත්‍රීවරු අස්ගිරි සහ රාමඤ්ඤ මහනාහිමිවරු බැහැ දකී

ලබන සැප්තැම්බර් 5 වන දා පැවැත්වෙන ‘ජන බලය කොළඹට’ විරෝධතා ව්‍යාපාරය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද අස්ගිරි හා රාමඤ්ඤ මහා නිකායේ මහනාහිමිවරුන් දැනුවත් කළා.
ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලූත්ගමගේ, දිලූම් අමුණුගම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්වුණා.
අද පෙරවරුවේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් හමුවූ මන්ත්‍රීවරුන් විරෝධතා ව්‍යාපාරය පිළිබදව දැනුවත් කළ අතර එහිදී උන්වහන්සේ කියා සිටියේ ආණ්ඩුවට එරෙහිව ජන බලවේගයක් පවතින බැවින් සිදුකරන විරෝධතා ව්‍යාපාරයට ආශිර්වාද කරන බවයි.