Gossips

ඒකාබද්ධයේ පක්ෂ නායක හමුව ඇරඹේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් මේ වනවිට පැවැත්වෙනවා.
එම රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන එස්.බී.දිසානායක සහ සුසිල් ප්‍රේම්ජයන්ත යන මන්ත්‍රීවරුන් මෙන්ම තමාද එක්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න රැස්වීමට සහභාගිවීමට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර ආණ්ඩුවට විරෝධය පළ කර අනිද්දා ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන විරෝධතාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී අද පැවැත්වුණා.
ලෝටස් වටරවුමෙන් ආරම්භ කරන විරෝධතා පා ගමන විහාරමහාදේවි එළිමහන් රංග පීඨය දක්වා පැමිණීමෙන් අනතුරුව එම ස්ථානයේදී ජන රැළියක් පැවැත්වෙන බවයි එහිදී අනාවරණ වුණේ.
මේ මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ පසුගිය පළාත්පාලන මැතිවරණයේදී ආණ්ඩුවට එරෙහි ජනතාවගේ අකමැත්ත ප්‍රකාශ වූ බවයි.