ජනතාවගේ ඉල්ලීම පරිදි කඩිනමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ(14) පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ විජේරාමේ පටුමගේ පිහිටි ඔහුගේ නිල නිවසේදීයි.
එමෙන්ම, ඉදිරි දේශපාලන වාතාවරණය පිලිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.
