තීන්දු තීරණ කිහිපයක් ගැනීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අද රැස්වනවා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමේ පිහිටි නිල නිවසේදියි.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පෙරේදා රැස්වී සාකච්ඡා කළ කරුණු පිළිබදව අද හමුවේදී පුළුල් ලෙස අවධානය යොමු කිරීමට නියමිත බවයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා සඳහන් කළේ.
මෙම හමුවට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 15 කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද එක්වීමට නියමිතයි.
