Gossips

ඒකාබද්ධයේ ජනබල සේනා වේදිකාවට හිටපු ජනපතිත් එක්වෙයි

ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ සහභාගීත්වයෙන් ජනබල සේනා ජාතික ව්‍යාපාරයේ විරෝධතා රැලිය විහාරමහා දේවී එලිමහන් රංග පීඨයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.
රට වනසන, රට පාවාදෙන, වැඩ බැරි පරගැති ආණ්ඩුව වහා පලවා හරිමු යන්න තේමා කරගනිමින් ලිප්ටන් වටරවුමේ සිට ඔවුන් එලිමහන් රංග පීඨය වෙත පැමිණියේ පාගමනින්.
එහිදී පුරහල අවට රථවාහන තදබදයක්ද හටගත් අතර, පාගමනට නිදහස් පක්ෂයේ දහසය දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩිද එක්ව සිටියා.
නිදහස් පක්ෂ දහසය දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න ජනරැලිය අමතමින් කියා සිටියේ තම කණ්ඩායමේ 15 දෙනෙකු නියත වශයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කරන බවයි.