Gossips

ඒකාබද්ධයෙන් මුදල් ඇමතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් සභා මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට එරෙහිව ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල එම පක්ෂ කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, පසුගිය රජයේ ඉන්ධන මිල අඩු වැඩිවීම් පිළිබදව රජයේ මුදල් අවභාවිතා කර පුවත්පත් දැන්වීම් පළ කර ඇති බව පවසමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු පිරිසකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගේ නීතිඥවරයා විසින් අදාළ පෙත්සම ගොනු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අසත්‍ය තොරතුරු පළ කිරීම තුළින් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංගණය වී ඇති බව පවසමින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.