ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු මට්ටමක පවතින මොහොතක රජය අසාධාරණ අන්දමින් ඉන්ධන මිල ඉහළ දමා ඇති බවට ඒකබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.
