Gossips

එළුවන් 61 ක් සහ මීගවයින් 14 ක් ප්‍රවාහනය කළ සැකකරුවන් 4 ක් අත්අඩංගුවට (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස එළුවන් 61 දෙනෙකු සහ මීගවයින් 14 දෙනෙකු ප්‍රවාහනය කළ පුද්ගලයින් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ එළුවන් 61 දෙනා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ වව්නියාව – නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදීයි.
මෙහිදී ලොරි රථයේ රියදුරු තමන්ව නිදහස් කරන ලෙසට රුපියල් 2000 ක අල්ලසක් ද ලබාදීමට උත්සාහ කර ඇති බව වව්නියාව පොලීසිය සඳහන් කළා.
මීගවයින් 14 දෙනා මොනරාගල – දඹගල්ල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගනු ලැබුවේ ඔවුන් ප්‍රවාහනය කළ ලොරි රථයේ සහ එහි ගමන් ගත් සැකකරුවන් තිදෙනෙකු සමඟයි.
මොනරාගල – මැදගම ප්‍රදේශයේ සිට සමන්තුරේ දක්වා මෙම මීගවයින් ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා.

(ඡායාරූප – රොමේෂ් මධුශංක)