Gossips

එළුවන් සොරකමේ ගිය තිදෙනෙක් පොලිස් දැලේ

එළුවන් සොරකම්කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බව කියන සැකකරුන් තිදෙනෙකුව මාදම්පේ පොලිසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාදම්පේ – තිණිපිටිගම සහ තනියවල්ලභ ගම ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් විසින් මාදම්පේ මහා වෙල්යායේ සිටි එළුවන් දෙදෙනෙකු සොරා ගෙන ත්‍රිරෝද රථයක දමාගෙන ගොස් වෙන්නප්පුව ප්‍රදේශයේදී අලෙවිකර ඇති බව අනාවරණය වී තිබෙනවා.
එළුවන් විකුණා ලබාගත් මුදල් වලින් මත්ද්‍රව්‍ය පානය කළ බව සැකකරුවන් පොලිසිය හමුවේ පවසා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සොරකම් කරන ලද එළුවන් දෙදෙනා සහ එම සතුන් ප්‍රවාහනය කිරීමට යොදා ගත් ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.