විශ්වාසභංග යෝජනාවේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ ඉල්ලීම් ඉටු කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව නැගී සිටීමට පසුබට නොවන බව පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ එළිය සංවිධානය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංගයට සහය ලබාදීම සදහා ඉදිරිපත් කළ ඉල්ලීම් ජාතිවාදී බව යි උන්වහන්සේ පෙන්වා දුන්නේ.
