Gossips

එළැඹෙන පාර්ලිමේන්තු සැසිවාරයට අගමැතිගේ විශ්වාසභංගය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ඒමට සුදානම් විශ්වාසභංගය එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයට ඉදිරිපත් කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රිී ජයන්ත සමරවීර මේ බව කියා සිටියා.
මෙහිදී ඔහු පසුගියදා සම්මත කර ගත් බලහත්කාරයෙන් පුද්ගලයින් අතුරුදන් කිරීම් වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳවද අදහස් පළ කළා.