Gossips

එළවළු මිල තවත් පහළට

වට්ටක්කා, වම්බටු, මෑකරල්, කැකිරි ඇතුළු එළවළු ගණනාවක මිල ඉතා සීග්‍ර ලෙස පහළ බැසීම නිසා ඒවා වගා කරන දඹුල්ල, මොණරාගල, ඉත්තෑකඩුව, සියඹලාණ්ඩුව ආදී ප්‍රදේශවල ගොවීන් දැඩි අපහසුතාවන්ට පත්ව සිටින බව වාර්තා වනවා.
වම්බටු සහ මෑකරල් කිලෝවක් රුපියල් 10ත්, 15ත් අතර මිලකට අලෙවි වන අතර, වට්ටක්කා සහ කැකිරි කිලෝවක් රුපියල් 5ක මිලකටවත් අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම දඹුල්ල, මොණරාගල සහ තිස්සමහාරාම ප්‍රදේශවල ගොවීන් ද එළවළු සඳහා නිසි මිලක් නොලැබීම නිසා දැඩි අපහසුතාවන්ට මුහුණ දී ඇති බව වාර්තා වනවා.