Gossips

එළවළු මිල තවත් ඉහළට

පවතින වර්ෂාව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ එළවළු වගාවන් විනාශවීම නිසා තවදුරටත් වෙළදපොළේ එළවළු මිල ඉහළ යා හැකි බව වාර්තා වනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරය සඳහන් කළේ මේ වන විට එළවළු මිල ගණන් සියයට 40කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව කන්ද උඩරට වගා කෙරෙන බෝංචි, කැරට්, ගෝවා සහ මාළු මිරිස් වැනි එළවළුවල මිල මෙලෙස තවදුරටත් ඉහළ යනු ඇති බවටයි පැවසෙන්නේ.