Gossips

එළවළු මිල ඉදිරියේදී තවදුරටත් පහළට

මෙවර මහ කන්නයේ එළවළු අස්වැන්න වෙළදපොළට ලැබෙමින් පැවතීම නිසා එළවළු මිල තවදුරටත් පහළ යා හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය පවසනවා.
එහි අලෙවි ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ අංශ ප්‍රධානී ඩබ්ලිව්.එච්. දුමින්ද ප්‍රියදර්ශන හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඉදිරියේදී සහල් මිලෙහි අඩුවීමක් ද අපේක්ෂා කරන බවයි.
අප මේ සම්බන්ධයෙන් මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මහකන්නයේ අස්වැන්න වෙළඳපොළට ලැබෙමින් පවතින නිසා ඉදිරියේදී සහල් හිඟයක් රට තුළ මතු නොවනු ඇති බවයි.
එමෙන්ම ලග්ගල සහ විල්ගමුව ප්‍රදේශවල වී ගොවීන්ට නිසි මිලක් නොමැතිවීමෙන් වී අස්වැන්න අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් මතු වී තිබෙනවා.