Gossips

එළවළු මිල අහස උසට

වෙළදපොළේ එළවළු මිල යළිත් සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.
උඩරට සහ පහතරට දෙවර්ගයේම එළවළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 200ත්, 300ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
දඹුල්ල, මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලට මෙන්ම මැනිං වෙළදපොළට ලැබෙන එළවළු තොග සීග්‍ර ලෙස පහත ගොස් තිබෙනවා.
පසුගිය දින කිහිපයේ ඇද හැලූණු වර්ෂාපතනයේ බලපෑම එළවළු අස්වැන්න අඩුවීමට හේතු වී ඇති බවටයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරීන ප්‍රවීන කෘෂි ආර්ථික විශ්ලේෂක දුමින්ද ප්‍රියදර්ශන සඳහන් කළේ.
මෙම තත්ත්වය ලබන වසරේ මුල් කාලය දක්වා පවතිනු ඇති බවට ද ඔහු කියා සිටියා.