සිය නිෂ්පාදනවලට සහතික මිලක් නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව එලවළු ගොවීන් චෝදනා කරනවා.
මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් මුහුණ පා ඇත්තේ පහත රට හා යාපනය අර්ධද්වීපයේ එළවළු ගොවීන්.
මේ දිනවල දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට දේශීය එළවළු විශාල වශයෙන් ලැබෙමින් පවතින අතර, නමුත් ගොවීන් චෝදනා කරන්නේ තම නිෂ්පාදනවලට සහතික මිලක් නොමැතිවීම හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතාවලට තමන්ට මුහුණපෑමට සිදුව ඇති බවයි.
දේශීය අල ගොවියා ආරක්ෂා කරගැනීම සඳහා ආනයනික අල සඳහා පනවා තිබූ බදු ඉහළ දැමූවද එතුළින් තමන්ට සහනයක් ලැබී නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා.
මතුව ඇති මෙම තත්ත්වය හේතුවෙන් තමන් සිය අස්වනු නෙලීමද අත්හැර දමා ඇති බවයි ඇතැම් ගොවීන් ප්‍රකාශ කළේ.