Gossips

එළවළු කල් තබා ගැනීමට ශීතාගාරයක්

මෙරට පළමු එළවළු කල් තබා ගැනීමේ ශීතාගාරය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව පිහිටුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ලබන 30 වනදා ඊට මුල්ගල් තැබෙන අතර, ඉන්දියානු ආධාර යටතේ එරට සමාගමක් මෙහි ඉදිකිරීම් සිදුකරනු ඇති.
මෙම ශීතාගාරයේ් කල් තබා ගැනීම සඳහා යොමු කෙරෙන එළවළු තොග කිලොවකට දිනකට ගොවීන්ගෙන් ශත 10ක මුදලක් අය කෙරෙනවා.