Gossips

එළඹෙන 12වනදා මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක්

අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය විසින් එළඹෙන 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය සඳහන් කළේ ඉන්ධන මිල සූත්‍රය, ටෙන්ඩර් පටිපාටිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.