Gossips

එස්.බී.,ඩබ්ලිව්.ඩී.ජේ., සුසිල්, ඒකාබද්ධ නායකයින්ගේ රැස්වීම්වලට

ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි පක්ෂ නායක රැස්වීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමෙන් තුන්දෙනෙකු සහභාගිවීමට නියමිතයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක, ඒකාබද්ධ විපක්ෂයෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ඔහු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න සහ සුසිල් ප්‍රේමජයන්තද ඊට සහභාගි වනු ඇති.
මේ අතර, ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසු දහසයේ කණ්ඩායම ආරම්භකළ හෘද සාක්ෂියේ නිදහස සම්මන්ත්‍රණ මාලාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි කරවාගැනිමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් සති අන්ත පුවත්පත් වාර්තා කර තිබුණේ එම සම්මන්ත්‍රණ මාලාව නතර වී ඇති බවටයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 70 ම එක්ව ඉදිරියටත් ආණ්ඩු විරෝධී සටන ක්‍රියාත්මක කරන බවයි.