Gossips

එස්.එෆ් ලොක්කාගේ ගෝලයෙකු මත්කුඩු සමග අත්අඩංගුවට

ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවෙකු රුපියල් ලක්ෂ හතහමාරක් වටිනා හෙරොයින් සමග අනුරාධපුර – සාලියපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රසිද්ධ කරාතේ ශූරයෙකු වූ වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කාගේ ප්‍රධාන ගෝලයෙකු වන 30 හැවිරිදි මෙම සැකකරු අනුරාධපුරය – රඹෑව හා මැදවච්චිය ප්‍රදේශවලට මත්කුඩු බෙදා හැර ඇති බවයි හෙළි වී ඇත්තේ.
එස්.එෆ් ලොක්කා නමැත්තා මේ වනවිට ඇප මත මුදා හැර ඇති නමුත් හිතාමතාම ඔහු ඇප කොන්දේසි සම්පූර්ණ නොකොට බන්ධනාගාරයේ රැදී සිටිමින් ජංගම දුරකථනය හරහා මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී තිබෙනවා.