ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරනු ලබන අන්තර් පළාත් පන්දු වාර විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 21 වනදා සිට සැප්තැම්බර් දෙවනදා දක්වා පැවැත්වෙනවා.
ඒ අනුව කොළඹ කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව ඇති අතර, දඹුල්ල කණ්ඩායම මෙහෙයවන්නේ තිසර පෙරේරායි.
සුරංග ලක්මාල් ගාල්ල කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර, මහනුවර කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ටයි.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්, කොන්ත්‍රාත් පදනම මත ක්‍රීඩා කරන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් සහ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙවර තරගාවලියට එක්වන අතර, මුළු ක්‍රීඩකයින් සංඛ්‍යාව 84 ක්.
ආර්. ප්‍රේමදාස, දඹුල්ල සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල මෙම තරග පැවැත්වෙනවා.
කෙසේ වෙතත් කණ්ඩායම් අතරට චාමර කපුගෙදර, සීක්කුගේ ප්‍රසන්න, ඩිල්ෂාන් මුණවීර, සචිත්ර සේනානායක, මිලින්ද සිරිවර්ධන, නුවන් කුලසේකර වැනි ක්‍රීඩකයන් ඇතුළත්ව නැහැ.
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන ට්විටර් සටහනක් තබමින් පෙන්වාදෙන්නේ ජාතික තේරීම් ප්‍රතිපත්තිය තේරුම් ගැනීම තමන්ටද ඉතා අපහසු බවයි.
තරුණ ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබාගැනීම සඳහා ජේ්‍යෂ්ඨයන්ගේ පළපුරුද්ද අවශ්‍ය බව මහේල පෙන්වා දෙනවා.
කෙසේ නමුත් එස්.එල්.සී. පන්දු වාර විස්ස පළාත් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේදී මෙම ක්‍රීඩකයන් නොසලකා හැරීම තුළින් පෙනී යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තවමත් දුර්වල බව නොවේද?