Gossips

එවරස්ට් මුදුනේ සුපිරි ලෝක වාර්තාවක් (ඡායාරූප)

ඕස්ට්‍රේලියානු ජාතික ස්ටීව් ප්ලේන් ලොව උසම කඳු ශිඛරය වන එවරස්ට් කඳු මුදුන තරණය කර ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබුවා.
ඒ ලොව මහාද්වීප හතේම ඉහළම කඳු ශිඛර අඩුම කාලයකින් තරණය කරමින්.
අද එවරස්ට් කඳු ශිඛරයට ළඟා වූ ස්ටීව් ප්ලේන්ට මහාද්වීප හතේම උසම කඳු තරණය සඳහා දින 117ක් ගත වූ අතර එය මෙතෙක් ඒ සඳහා පැවති වාර්තාවට වඩා දින 9ක අඩුම කාලයක්.
මීටර් 8848ක් එනම්, අඩි 29,030ක් උසැති එවරස්ට් ශිඛරයට ස්ටීව් ළඟා වූ බව ඔවුගේ ජී.පී.එස්. සංඥා මගින් ද තහවුරු වී තිබෙනවා.
මෙවර එවරස්ට් කඳු නැගීමේ වාරයේ පළමු කඳු නගින්නන් අද ශිඛරයට ළඟා වූ අතර, මීට වසර 4කට පෙර එවරස්ට් තරණයට ගොස් දෙපා අහිමි වී කෘත්‍රිම පාදයෙන් කඳු නගින චීන ජාතික ෂියා බෝයු ද ඒ අතර වනවා.