Gossips

එවරස්ට් කන්ද තරණය කළ ජොහාන් කටුනායකට එද්දී උණුසුම් ලෙස යළි මව්බිමට පිළිගනී

එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් සාර්ථක ලෙස එවරස්ට් කන්ද තරණය කළ ජොහාන් පීරිස් අද උදෑසන කටුනායක ගුවන්තොටුපොලින් ශ්‍රී ලංකාවට පැමිණියා.
එහිදී ඔහුට එම ස්ථානයට පැමිණ සිටි පිරිසගේ උණුසුම් පිළිගැනීමක් හිමිවුයේ පුදුමයට පත්කරමින්.
මීට වසර දෙකකට පමණ ඉහතදී සම්පූර්ණ කරගත නොහැකි වූ එවරස්ට් කඳු තරණය සම්පූර්ණ කිරීමේ අරමුණින් ජොහාන් පීරිස් සිය ගමන ආරම්භ කළා.
ජයන්ති කුරුඋතුම්පල 2016 වසරේ අප්‍රේල් මාසයේදී එවරස්ට් කඳු මුදුන පෙනෙන තෙක්මානය දක්වා ගමන්කළ ජොහාන්ට මීටර් 448 ක් පහළින් සිය ගමන නතර කිරීමට සිදුවූවා.
ඒ කඳු මුදුනට ලගාවීමට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොමැති වීම හේතුවෙන්.
මුහුදු මට්මමේ සිට මීටර් 8,848 ක් උසින් පිහිටි එවරස්ට් කඳු මුදුනට සාර්ථකව ලඟාවෙමින් වරස්ට් කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමට ජයන්ති කුරුඋතුම්පල සමත්වූවා.
අන්තර් ජාතික කඳුනැගීමේ මගපෙන්වන්නන් විසින් නායකත්වය සපයනු ලබන කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ජොහාන් මෙවර එවරස්ට් තරණයට එක්වූවා.
මීට පෙර 2012 වසරේදී නේපාලයේ ‘අයිලන් පීක්’ කන්ද තරණය කිරීම සඳහා සහභාගි වූ පස්දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමේ සාමාජිකයෙක් මෙන්ම සාර්ථකව කන්ද තරණය කළ දෙදෙනාගෙන් අයෙක් වීමට ජෙහාන් සමත් වූවා.