Gossips

එල්.ටී.ටී.ඊ. ය සැඟවූ රත්‍රන් සොයන්න ගිය 08 ක් අත්අඩංගුවට (ඡායාරූප)

පොළොව යට පවතින ලෝහ සෙවීමට යොදා ගන්නා ස්කෑනර් යන්ත්‍රයක් සහ තවත් ස්කෑනර් යන්ත්‍ර කොටසක් ප්‍රවාහනය කළ 8 දෙනෙකු වව්නියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලුයම සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අවසන් යුද සමයේ එල් ටී ටී ඊ සංවිධානය විසින් සැගවු රත්‍රන් සෙවීම සඳහා මෙම පුද්ගලයන් සූදානමින් සිට ඇතැයි අනාවරණ වී තිබෙනවා.
කුලී පදනම මත ලබාගත් වෑන් රථයකින් අදාළ ස්ථාන නිරීක්ෂණය කර යළිත් පැමිණෙමින් සිටියදීයි සැකකරුවන් අත්අඩංගුවට පත්වී ඇත්තේ.
අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු මෙම ජාවාරම වෙනුවෙන් මුදල් යොදවා ඇතැයි හෙළිවී තිබෙනවා.
සැකකරුවන් අනුරාධපුර, වලස්මුල්ල, නොච්චියාගම, කිලිනොච්චිය සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන්.
අත්අඩංගුවට ගත් ස්කෑනර් යන්ත්‍රය රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුක්ත බව සඳහන්.
සැකකරුවන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වව්නියාව පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.


ඡායාරූප – වව්නියාව මාධව කුලසූරිය