Gossips

එල්.ටී.ටී.ඊ. ය යළි ගොඩනැගීම සිය අරමුණ බව විජයකලා යාපනයේදී කියයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බව ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසනවා.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිළ මෙහෙවර වැඩසටහනේ තවත් එක් අදියරක් අද පැවැත්වුණේ යාපනය – වීරසිංහම් ශාලාවේදියි.
එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ද එක්ව සිටියා.
එම අවස්ථාවට එක්වෙමිනුයි රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මේ බව කියා සිටියේ.
මේ අතර, යාපනය – මානිපායි – ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ දී හින්දු කෝවිලක පැවති වාර්ෂික උත්සවයකදී ඊළාම් සිතියම බවට සැක කෙරෙන බැනරයක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
එම සිතියම සහිත බැනරය ප්‍රදර්ශනය කළ පුද්ගලයා සොයා මේ වන විටත් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි මානිප්පායි පොලීසිය සඳහන් කළේ.