Gossips

එල්.ටී.ටී.ඊය වලදැමූ රන් සහ ආයුධ සොයා කිලිනොච්චියේ කැණීම් (ඡායාරූප)

එල්.ටී.ටී.ඊ. සංවිධානය වළදැමූ රන් සහ ආයුධ තොගයක් සොයා කිලිනොච්චිය – අරවියල්නගර් ප්‍රදේශයේ කැණීම් සිදුකර තිබෙනවා.
පොලිසිය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුවයි මෙම කැණීම් ඊයේ සිදුකර ඇත්තේ.
පැය 3 කට අධික කාලයක් මෙම කැණීම් සිදුකර ඇති අතර එහිදී කිසිවක් සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් එය නවතා දමා තිබෙනවා.
මීට පෙරද එම ස්ථානයේ රන් ඇති බවට ලද තොරතුරක් මත එහි කැණීම් සිදුකර තිබුණා.

(ඡායාරූප – රොමේෂ් මධුශංක / මාධව කුලසූරිය / දිනසේන රතුගමගේ )