Gossips

එල්ල වූ චෝදනාවෙන් ගේල්, නිදොස් කොට නිදහස්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ඕස්ට්‍රේලියානු කාන්තාවකගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සහ කළ බවට පළවූ වාර්තාවලට එරෙහිව පැවති නඩුවෙන් නිදහස්ව තිබෙනවා.
2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතර වාරයේදී ක්‍රිස් ගේල්ට මෙම චෝදනාව එල්ල වුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගේල් ඕස්ට්‍රේලියානු අධිකරණයේ කිහිප වරක් පෙනී සිටියා.
එම නඩුවේ තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත් කළේ කොදෙව් ක්‍රිස් ගේල් නිදහස් කොට නිදහස් කරමින්.
මෙම සිද්ධියේදී ඔහුගේ කීර්තිනාමයට සිදුවූ හානිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 300,000ක වන්දි මුදලක් ද ගෙවන ලෙසට මෙම අසත්‍ය චෝදනාව සිදුකළ මාධ්‍ය ආයතනයට අධිකරණය නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.