Gossips

එල්ලවන චෝදනාවලට ඇමති පාඨලීගෙන් පිළිතුරු

මහනුවර අවාසනාවන්ත සිදුවීම පිටුපස තමන් සිටින බවට එල්ලවන චෝදනාවලට ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පිළිතුරු ලබාදුන්නා.
ප්‍රශ්නය – මේ දවස්වල නුවර සිද්ධියත් එක්ක දැන් එක එක්කෙනා මහසොන් බලකායක් ගැන කතා කරනවා?
අමාත්‍ය පාඨලී චම්පික රණවක
– දැන් ඔය කලින් තිබුණා රාවන බලකායක්. රාවන බලකායට අරමුදල් සැපයූවා අමාත්‍යාංශයෙන් වාහන සැපයුවා කියලා චෝදනා ලබලා ඉන්න මේ සූකර දේශපාලනඥයා දැන් ඕවා කියාගෙන යනවා. අපි ඕගොල්ලන්ට උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද අපි ඔයගොල්ලන්ගේ අවවාද අනුශාසනා ගන්නෙත් නැහැ. මොකද තමන්ගේ නම, තමන්ගේ ජාතක දිනය උප්පැන්නේ ප්‍රකාශ කරන්න බැරි, උපතේ ඉඳන්ම වංචනික දේශපාලකයින්ගේ කතා බහ ගැන… අපි අහන්නෙ එක ප්‍රශ්නයයි. කෝ දැන් ඒ ගොල්ලෝ කිව්වානේ දියතලාවේ බෝම්බෙ පිපිරුවේ කෝටි කියලා. ආරක්ෂක අංශවලින් පළිගන්න. දැන් මොකද ඒ ගැන කියන්නේ. හැබැයි මහසෝන් බලකාය හෝ වේවා වෙන බලකායක් හෝ වේවා රීරි යක් බලකාය හෝ වේවා මේවා පිටිපස්සේ හිටපු පිරිස් කවුද කියලා වහාම හොයලා බලලා වාර්තා කිරීම පොලිසියේ වගකීමක්.
ප්‍රශ්නය – විපක්ෂ දේශපාලනඥයින් කිහිප දෙනෙක් පැහැදිලිවම චෝදනා කරනවා ඔබතුමා තමයි මේ කණ්ඩායමක් අරන් ගිහිල්ලා වැඩිපුරම පහර දුන්නේ
කියලා.
– මේක හරි පුදුම වැඩක්නේ. අපි මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට පත්කරන්න කටයුතු කරපු වෙලාවේ මොකද ඔය කට්ටිය කිව්වේ. අපි ජාතිය පාවා දුන්නා කිව්වා. බෞද්ධයෝ පාවා දුන්නා කිව්වා. දැන් මොකෝ කියන්නේ දැන් අපි බෞද්ධයෝ වෙනුවෙන් මුස්ලිම්වරුන්ට ගහනවා කියනවා. දෙමළ මිනිහට ගහනවා කියනවා. ඒ පිටිපස්සේ මොකුත් නෙමෙයි තියෙන්නේ සියයට 39 යි පොහොට්ටුවට තියෙන්නේ. ජනාධිපතිවරනය 2019 ජය ගන්න බැහැ. ඒ ජය ගන්න බැරි නිසා ඒක කිසියම් ආකාරයකට ඒක කිසියම් විදිහකින් විකල්ප ක්‍රියාමාර්ගයකින් ගොඩනගන්න පුළුවන් මිනිස්සුන්ට ගහනවා. බයවෙලා. ඉතින් අපි මොකෝ කරන්නේ. අපි ඒවට බය නැහැ.
ප්‍රශ්නය – ඒ වගේම මේජර් අජිත් ප්‍රසන්න යන කෙනෙක් ඔබතුමාට චෝදනා කරනවා බෞද්ධයාගේ කටයුතුවලට බාධා ඇතිකරනවා කියලා ?
– උන්නැහේ ගැන මම කියන්න කැමති නැහැ. ඔය රාජපක්ෂ මහත්තයාගේ සූකර නඩේ එක්කෙනෙක්. මොකද මහින්ද රාජපක්ෂ මේ සිංහල බෞද්ධයාගේ ගැලවුම්කාරයාය, දුටුගැමුණුය කියලා එක පැත්තකින් හඬ නගන අතරේ බෞද්ධයෝ මර්දනය කරන්න මහින්ද රාජපක්ෂ 2014 උත්සාහ කළා. ඒක වැළැක්වූයේ මමය කියලා තියෙනවා උන්නැහේ. ඒක ටිකක් හයියෙන් සද්දෙන් කියන්න කියාල මම කියනවා.