මෙක්සිකෝවේ සුප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජොයැකිංග් ගුස්මන් හෙවත් එල්චැපෝ නිව්යෝක් අධිකරණයේ පැවති නඩු විභාගයකදී වැරදිකරුවෙකු කර තිබෙනවා.
කොකේන් සහ හෙරොයින් ඛෙදා හැරීම, නීතිවිරෝධී ගිනි අවි ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා 10 ක් ගොනු කර තිබූ අතර, ඒ සියල්ලටම ඔහු වැරදිකරු බවයි අධිකරණය තීන්දු කළේ.
ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වනු ඇති.rn
