එරාවූර් – වාත්තියාකල් – සංධිවේලි ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ මෙම කාන්තාව සිය නිවසට මීටර් 300ක් දුරින් පිහිටි මවගේ නිවසට ගොස් පැමිණෙමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 31 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක්.
