මඩකලපුව – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ එරාවුර් ප්‍රදේශයේදී බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වෑන් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් දරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
මිය ගිය පුද්ගලයින් මඩකලපුව ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර දරුවාගේ වයස 11 ක් වන අතර මියගිය රියදුරාගේ වයස 25 ක් බවටයි වාර්තා වන්නේ.
බස් රථයේ රියදුරු එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
(ඡායාරූප – ජව්ෆර්කාන් මඩකලපුව)