2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මේ මස 26 වන දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, සැකකරු අද පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මේ අතර, එමිල් රන්ජන් ළමාහේවාට ඇප ලබාදෙන ලෙස අභියාචනාධිකරණය හමුවේ මේ වන විට ප්‍රතිශෝධන අයදුම්පතක් ද ගොනු කර තිබෙනවා.
