2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවාට අභියාචනාධිකරණය අද ඇප ලබාදුන්නා.
ඒ, ඔහු විසින් ඇප අයදුම්කර ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීයි.
එහිදී අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන විනිසුරුවරුන් නියෝග කළේ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හරින ලෙසයි.
එමෙන්ම, ඔහුට විදේශ ගමන් තහනමක් පැනවීමට ද අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
