වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මේ මස 18 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද (04) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
2012 වසරේ නොවැම්බර් 09 වනදා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මේ අතර, වැලිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබා ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් ආනයන අපනයනය දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන පාලකවරයා ලබන 18 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද (04) කැදවූ අවස්ථාවේදියි.
