Gossips

එමිල් රංජන් සහ නියෝමාල් රංගජීව යළි රක්ෂිත බන්ධනාගාරයට

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ලබන මස 03 වනදා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
2012 වසරේ නොවැම්බර් 09 වන දා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.