Gossips

එම්.ඒ. සුමන්තිරන්ගෙන් ප්‍රකාශයක්

නොවැම්බර් 7 වැනිදා ගෙන ඒමට නොහැකි වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව කඩිනමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ගෙන එන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ කොළඹදී අද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර, වියත් මඟ සංවිධානය කොළඹදී අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.