Gossips

එම්.එච්. 370 සෙවීම නවතයි

පුද්ගලයන් 239 දෙනෙකු සමඟ අග්නිදිග ආසියානු අහසේදී 2014 වසරේ මාර්තු 8 වන දා අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 370 යානයේ සුන්බුන් සෙවීම නිළ වශයෙන් නතර කර තිබෙනවා.
මැලේසියානු රජය ප්‍රකාශ කළේ යානය පිළිබඳ තවදුරටත් සෙවීමට බලාපොරොත්තු නොවන බවයි.
මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා ගමන් ගත් එම්.එච්. 370 යානය සෙවීම සඳහා වර්ග කිලෝමීටර් 80,000ක මුහුදු ප්‍රදේශයක් ගවේෂණයට ලක් කෙරුණා.
ඒ සඳහා කුඩා සබ්මැරීන 8ක් ද යොදා ගැණුනා.