Gossips

එම්.එච්. 370 අතුරුදන් වී පස් වසරයි

මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච් 370 ගුවන් යානය පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වී අදට පස් වසරක් සපිරෙනවා.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා ගමන් ගත් යානය අතුරුදන්වීමත් සමඟ එහි සුන්බුන් සොයා ඉන්දීය සාගරය පීරා දැවැන්ත ගවේෂණ මෙහෙයුමක් ක්‍රියාත්මක වූයේ රටවල් රැසක සහභාගීත්වයෙන්.
එහි සුන්බුන් කිහිපයක් ගමන් මඟට හාත්පසින්ම වෙනස් ප්‍රදේශයකදී එනම් අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ සහ ආසන්න දිවයින්වලින් හමුවුණා.
කෙසේ නමුත්, යානය ගමන් ගත් ඇතැමුන්ගේ නෑ හිතවතුන් තවමත් එය අතුරුදන්වීම කුමන්ත්‍රණකාරී සිද්ධියක් ලෙස විශ්වාස කෙරෙන අතර, ඔවුන් නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවනවා.