එප්පාවල විහාරස්ථාන භූමියක විරෝධතාවයේ නිරතව සිටි කාන්තාවන් පිරිසකට පොලීසිය පහරදීම පිළිබඳ වහාම පරික්ෂණයක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වූ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා.
එප්පාවල – නල්ලමුදාව ශ්‍රී ශෛලබිම්බාරාම රජ මහා විහාරයේ විහාරාධිපති ධූරයේ මීට පෙර කටයුතු කළ භික්ෂුන් වහන්සේ නමක් යළිත් එම විහාරස්ථානයට පැමිණීමට එරෙහිවයි ප්‍රදේශවාසින් ඊයේ (28) විරෝධතාවයක නිරතව ඇත්තේ.
