සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දෙවන අදියරේ බැඩ්මින්ටන් තරග අද ,හෙට සහ අනිද්දා දිනවල කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගනයේදී සහ කොළඹ ඩී.එස්.සේනානායක විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දිවයිනේ සෑම පාසලකටම දන්වා යවා තිබුනා.
ඒ අනුව අද දිනයේදී එම තරග වලට සහභාගිවීමට රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගනයට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොසිතු අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවුනා.
ඒ ගෘහස්ත ක්‍රීඩාංගනයේ බැඩ්මින්ටන් පිටියේ වෙනත් තරගාවලියක් ක්‍රියාත්මක වීම නිසයි.
මේ අතර කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයට පැමිණි ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද සිදුවුනේ හිස් අතින් හැරී යාමටයි.
ඒ අධ්‍යාපන අමාත්‍යාංශය නිසි පරිදි මුදල් ගෙවා ගෘහස්ත ක්‍රීඩාංගනය වෙන්කර නොතිබීම නිසා ක්‍රීඩාංගනයට ඇතුළුවීමට ආරක්ෂක අංශ විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉඩ ලබා නොදීම හේතුවෙන්.
අධ්‍යාපන අමාත්‍යංශයේ මෙම අදූරදර්ශි ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයද අද පෙරවරුවේ ප්රවෘත්ති සාකච්චාවක් කැදවා තිබුනා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අපකළ විමසීමකදී රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගනයේ පරිපාලකයින් පැවසුවේ උක්ත තරගාවලිය සදහා ක්‍රීඩාංගනය වෙන්කොට ඇත්තේ අද දිනයේ සිට නොව හෙට සිට ඉදිරියට දින තුනක් දක්වා බවයි.
කරුණු එසේ නම් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මුද්‍රණය කොට තිබෙන මෙම අත් පොතෙහි බැඩ්මින්ටන් තරග අද ,හෙට සහ අනිද්දා දිනවල පැවැත්වෙන බව දක්වා ඇත්තේ කුමන පදනමක් යටතේද?
අවසන් මොහොත තෙක් සිය වගකීම පැහැර හැරීමට කටයුතු කල අධ්‍යාපන අමාත්‍යංශ ක්‍රීඩා බලධාරීන් අද දවසේ අසරණ වුනු මෙම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හෙට දවස පිළිබඳව හෝ වගකීමකින් කටයුතු කරනු ඇති බවයි අපගේ හැගීම.