Gossips

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අද ඇරඹේ

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධාන කරන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අද (29) පෙරවරුවේ ආරම්භවනවා.
ඒ, මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අභියස භූමියේදියි.
ලබන 31 වනදා දක්වා සෑම දිනකම පෙරවරු 10 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා මහජනතාව සඳහා ප්‍රදර්ශනය විවෘතව තැබෙනු ඇති.
ප්‍රථම දින නිල සමාරම්භක උත්සවය අද පස්වරු 4 ට පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
ප්‍රදර්ශන කුටි 515 කින් සමන්විත මෙම ප්‍රදර්ශනය කලාප 12 ක් යටතේ පැවැත්වෙනවා.
එසේම පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ ප්‍රදර්ශකයන් 204 ක් සහිත දැවැන්ත අධ්‍යාපන කලාපයක්ද මෙම එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයට ඇතුළත් බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.